Wednesday 12 September 2018

බල අරගල නිසා කොළඹ වැටවල් දිගේ ගිය නාමල් බේබිගේ රාජාභිෂේකය; ජනාධිපති යටින් සහාය දුන් හැටි සහ ගෝඨාගේ කිරි පැකට් මෙහෙයුම




(ලංකා ඊ නිව්ස් -2018.සැප්.10, පෙ.ව.11.5) රජකම සඳහා නාමල් බේබි බෞතීස්ම කිරීමේ  "ජනබලය කොළඹට"  නම් වූ සැප්තැම්බර් 5 පැවැති රාජපක්ෂ පවුලේ වීදි බල අරගලය අවසානයේ  "ජඩබල කෝලමක්" බවට රූපාන්තරණය වීමෙන් අවසන් විය. එදින රාත්‍රීය මහින්දගේ පවුලේ අයට මළගමක් වූ අතර, බැසිල් පාර්ශවය සරදම් සිනා නගද්දී, ගෝටා කල්ලිය ජයපැන් බීවෝය. සිරිසේන ජනාධිපතිවරයාගේ පාවා දීමේ මෙහෙයුමට බාලගිරි උදාවිය. 

මරණ මංචකයේ සිටිය දී තමා සතු බූදලය නිරවුල්ව දරුවන් අතරේ බෙදාදීම බුද්ධිමත් පියකු සතු වගකීමකි. මේවන විට විවිධ රෝගාබාධවලට ලක්වෙමින් ජිවිතයේ අවසන් භාගය ගෙවන මහින්දටද සිය දේශපාලන බලාධිකාරියේ ඊළඟ උරුමක්කාරයා ලෙසින් නාමල් නම්කරන ලෙස ශිරන්ති ඇතුළු දරුවන් ගෙන් නිබඳව එල්ල වන්නේ බලවත් බලපෑමකි. එත් ඒ හැම මොහොතකම මහින්ද එය මඟ හැරියේ  "ඕවා කලබලේට කරන්න පුළුවන් වැඩ නෙමෙයි. පොඩ්ඩක් ඉවසන්න. බැසිල් පොරොන්දු වෙලා තියෙන්නේ," යි කියමිනි. නමුත් යෝෂිතගේ හා රෝහිත (චිචී) ගේ බලපෑම් මඟ හැර යන්නට මහින්දට නොහැකිවිය. සැප්  5 "ජනබලය කොළඹට" යෝජනා වන්නේ ඒ අනුවය. උද්ඝෝෂණයට සහය පිණිස ඩී.වී. චානක හා විමලවීර දිසානායක මන්ත්‍රීවරුන්ගේ මුලිකත්වයෙන් කන්තලේ නගර ශාලාවේ පැවති ජනහමුවක් යෝෂිත ඇමතුවේ බලපෑම දැඩි කරන්නටය.

එත් නාමල්ට බැසිල් බාප්පා විශ්වාස නැත.

මහින්ද 2005 බලයට පත් වූ මොහොතේද "කවුරු ගත්තත් බැසිල් බාප්පා ගාව ගන්න එපා" යැයි දැඩි විරෝධයක් පල කළේද නාමල්ය. නාමල්ට බාප්පලා නොතකා යන්නට ඒ අතර අමතර ශක්තියක් ලබා දුන්නේ සිරිසේන ජනාධිපතිවරයාය.

සිරිසේන ජනපති ලෙස දිවුරුම් දී දිනකට පසුව මහින්ද අමරවීරගේ නිවසට ගොස් පොරොන්දු වුවේද  "ශ්‍රීලනිප සහ නාමල් මට දෙන්න කියන්න. මම නාමල්ගේත්, පක්ෂයේත්  අනාගතය බලාගන්නම්. මහින්ද රාජපක්ෂ මැතිතුමාට දේශපාලනයෙන් සමුගන්න කියන්න. රාජපක්ෂ පවුලේ සියලුම දෙනා සියලු චෝදනාවලින් නිදහස් කරන්නම්" යනුවෙනි. මෙය කියන්නේ අප නොව ජනාධිපතිගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක පොතක්ම ලියා ප්‍රසිද්ධ කරමිනි. එත් ඒ මොහොතේ මහින්ද එයට එකඟතාවය පල නොකළ නමුත් තම උත්සාහය අත් නොහැරිය ජනාධිපතිවරයා මහින්ද ගේ උපක්‍රම දෝෂහැර ක්‍රියාත්මක කර අවසානයේ මහින්ද යටත් කර ගත්තේය. 

මහින්ද තම මැති ඇමැතීන් යටත්කර රඳවා තබා ගත්තේ ඔවුන්ට වංචා, හොර මැරකම්, දූෂණවලට ඉඩදී පසුව රහසිගතව ෆයිල් සාදා ඒවා පෙන්නමින් ඔවුන් බියවද්දමිනි. ඒ විධික්‍රමය අසාර්ථක බව ඉගෙනගත් සිරිසේන ජනාධිපතිවරයා මහින්දලා ඇතුළු එ්කාබද්දේ සියලු දෙනාගේ ෆයිල් නතර කළේ නීතිපති දෙපාර්තුමේන්තුවේය. ඒ සීමාව ඉක්මවා ගිය අල්ලස් කොමිසමේ සභාපතිනිය ගෙදර යැව්වේය. ජනාධිපතිවරයා එම ෆයිල් පෙන්වමින් 2015 සිට දිගින් දිගටම උත්සහ කළේ මහින්දලා සමඟ සම්මුතියක් ගොඩනගා ගැනීමටය.

ඒ සියලු උත්සාහයන් අසාර්ථක වූ නිසා "මගේ අත බුරුල් කළොත් ඔය කාට කාටත් මොනවා සිද්ධවේවිද දන්නෑ," යි කියමින් ප්‍රසිද්ධියේ ඇඟවූ අනතුරද මහින්දලා පිලිනොගත් නිසා විශේෂ මහාධිකරණ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුමැතිය දුන්නේය. එහි දෙවන නඩුවට සිතාසි යැව්වේ ගෝටා ට ය. ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දී දිනකට පසුව එදා මහින්ද අමරවීරගේ නිවසේදී ජනාධිපති සිරිසේන ගෙනා යෝජනාවට අද මහින්ද යට වුනේ විශේෂ මහාධිකරණ ක්‍රියාත්මක කළ නිසාය.

ජනපතිගේ මැදමුලන සවාරිය

මහින්දගේ මියගිය සොහොයුරියකගේ දේහය කොළඹ සිය නිවස අසල තිබියදීත් එයට ගෞරව කිරීමට නොගිය සිරිසේන ජනාධිපතිවරයා මහින්දගේ සොහොයුරාට බුහුමන් දැක්වීමට මැදමුලනටම ගියේ ඒ ජයග්‍රහණයේ ශක්තිය නිසාය. ඉඩිඅමින් සේ අධික මාන්නයෙන් පෙලෙන මහින්ද, සිය පරාජය සාමාජිකයාට වසන් කිරීමට යෙදූ උපාය වුවේ පඩිපෙළ නැග එන හිටපු ලේකම්වරයා වූ ජනාධිපතිගේ ආචාරය පිළිගැනීම සඳහා පඩි පෙලේ ඉහලම පඩියේ රැඳී සිටිමිනි.

මහින්ද හා රහස් කතා බහෙන් පසුව සිය කුස්සි කැබිනෙට්ටුව කැඳවූ ජනාධිපතිවරයා එහි සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ ජනබල මෙහෙයුම සාර්ථක කරගැනීමට මැදිහත් වන ලෙසය. ඒත් විමල්, ඩලස්, මහින්දානන්ද හෝ රංජිත් සොයිසා එයට කැමැත්තක් නොදැක්වුහ.

E news කාරයා හා ශිරාල්

ඒ අතරතුර රත්නපුර රංජිත් සොයිසා කීවේ "බලන්න සර් මම එදා ඇවිල්ල ගියා විතරයි. කවුද ඒක ඊනිව්ස්කාරයාට දිලානේ. මට බැසිල් සර් ගෙන් කුණු බැනුම් අහන්න වුනා" යි කියාය. මම දැක්කා මන්ත්‍රීතුමා ඊනිවුස් කාරයා ගැන පාර්ලිමන්ට් එකේ කියලා තියෙනවා. අර පවුම් දීපු කතාව කවුද කිව්වේ," යි ජනාධිපති අසද්දී  "ශිරාල් මහත්තයා තමයි කිව්වේ. ඒත් ෂුවර් නැති නිසා මම එළියේ කිව්වේ නැහැ," යි සොයිසා කීය. "අපෝ එයා කියන ඒවා කියන්න ගියොත් යන්න වෙන්නේ එල්ලුම් ගහේ තමයි. එයා අපිට එකක් කියලා ඊ නිව්ස් එකට අපේ තොරතුරු දෙනවා. ඔය ඊ නිව්ස් කාරයයි ශිරාලුයි ඉස්සර ඉඳන්ම මිත්‍රයෝ " යි ජනාධිපති කියද්දී සියල්ලන්ගේම ඇස් උඩ ගියේ ය.

ජනාධිපති ජනබල මෙහෙයුමට උදව් කළ හැටි

කුස්සි කැබිනෙට්ටුවෙන් තම දේශපාලන අභිමතාර්ථයන් මුදුන්පමුණුවා ගත නොහැකි බව දුටු ජනාධිපතිවරයා 4 දා අමාත්‍ය මණ්ඩල රැස්වීමට ගියේය. එහිදී  රාජිත, චම්පික, හරීන් ඇතුළු අමාත්‍යවරුන් ඉතා දැඩිව කියා සිටියේ මහින්දලා කොළඹ ඇවිත් අනවශ්‍ය කලබල ඇති කළොත් එය මර්දනය කිරිමට පොලිසියට පුර්ණ බලතල දිය යුතු බවය. කැබිනෙට් රැස්වීමෙන් පසු අගමැතිවරයා, පොලිසිය බාර මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් පොලිස්පති, හමුදාපති, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් ජන බල මෙහෙයුම නිසා ප්‍රධාන මර්මස්ථාන වලට ආරක්ෂාව ලබා දීම ගැන සාකච්ඡා කෙළෝය. පැජට් පාරේ ජනාධිපති නිල නිවාසය, අරලිය ගහ මැදුර ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ස්ථාන කිහිපයකට මාර්ග බාධක යොදවා වීඅයිපී ආරක්ෂාවක් ලබා දීමට තීන්දු කළහ.

මේ බව දැනගත් ජනාධිපතිවරයා ආරක්ෂක ප්‍රධානීන් අමතා ‘කව්ද කිව්වෙ තමුසෙලාට මේ තැන් තැන් වලට ආරක්ෂක කපොළු යොදන්නැයි’ විමසීය. ‘සර් අපි ඔබතුමා ඇතුළු වීඅයිපීලට ආරක්ෂාව දැඩි කරන්න තීන්දු කළා අගමැතිතුමාත් කැමැති වුනා’ යි ආරක්ෂක ප්‍රධානීන් කීහ. ‘මොන බම්බුවේ ආරක්ෂාවක්වත් වැඩි කරන්න ඔ්නෙ නෑ. ඒ අයි ඒවි. ඇවිල්ල කරදරයක් නොකර ආපහු යාවි’ යි ජනාධිපති කී විට ආරක්ෂක ප්‍රධානීන්ට පුදුම සිතිණ. ඒ නම් හෙට සිදුවන කොළඹ වැටලීම ගැන ජනාධිපතිවරයාගේ සහතිකය ගැනය.

කැබිනෙට් රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් ශිරාල් ලවා අධිකරණයට කළ බලපෑම් නිසා කොල්ලුපිටිය, වැලිකඩ සහ කොටුව පොලිසි ඉල්ලු වාරණ නියෝග ප්‍රතික්ෂේප විය.
අඟේ ඉඳන් කණ කන ජනාධිපතිගේ සැලසුම් අනුව  පසුදා යම් ගැටුමක් සිදුවුවානම් එය එජාප හා මහින්දලාගේ ගැටුමකි. ජනාධිපති තමාගේම ආණ්ඩුවට විරුද්ධව මහින්දගේ ජනබල මෙහෙයුමට සහාය දුන්නේ ඒ ආකාරයට ය.

ගෝටා ගේ බඩ යන කිරි පැකට් මෙහෙයුම

මේ අතර චීනයේ සහය ලබන ගෝටා, මිලින්ද මොරගොඩ, රොහාන් සමරජීව හා වික්ටර් අයිවන් අතර පැවැති සාකච්චාවකදී රොහාන් සමරජීව යෝජනා කළේ  "සර් අපි ප්‍රකාශයක් දාන්න ඕන ජනබල මෙහෙයුමට සහභාගිවෙන්න කියලා. බැසිලුත් නැති එකේ අපි ඒ වාසිය ගන්න ඕන" යි කියාය. එවිට ගෝටා කිවේ "මට වේදිකාවට එන්න, ජනාධිපති අපේක්ෂකයා ගැන මොකවත් කියන්න තහනම් කරලානේ  තියෙන්නේ." යි කියාය. කෙසේ වෙතත් අවසානයේ ජනබල උද්ඝෝෂණයට සහභාගිවන ලෙස ඉල්ලා ගෝටා නිවේදනයක් නිකුත්කළේය. ජනබලය උද්ඝෝෂණයට සහභාගි වූ ගෝටා කොටුව බෝධිරාජ විහාරයෙන් පා ගමන නිමාකොට ආපසු ගියේය.

ඔවුන් ගේ කලබලයට හේතු වී තිබුනේ නාමල් රාජපක්ෂ ශ්‍රීලනිප යේ ඊලඟ නායකයා කිරීමට‍ ජනාධිපති සිරිසේන හා මහින්ද එකඟත්වයකට එළඹ තිබීමත්, ඒ වෙනුවෙන් රුසියානු රාජ්‍ය අනුග්‍රහය අනියමින් ලබන රුසියානු මාෆියාවක් රටතුල සක්‍රීය මෙහෙයුමක් ආරම්භ කර තිබීමත්ය. ජනබලය උද්ඝෝෂනයේ දී ක්‍රියාත්මක වූවේ රුසියානු මාෆියාවේ විකල්ප ටෙලිවිෂන් නාලිකාවයි.

නාමල් පුම්බන මෙහෙයුම ගැන ගෝටාට සහාය දක්වන හමුදාවේ පිරිස් සිටියේ දැඩි කෝපයෙනි. ඔවුන් තමන් වසර 30 ක් පුරා පැවැති ගරිල්ලා යුද්දයේ භාවිතා කළ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රහසිගතව සැලසුම් කළහ. False Flag Operation නම් මේ මෙහෙයුම් ක්‍රමය නම් ගරිල්ලාවරුන් සේ ඔවුන්ගේ බල ප්‍රදේශවලට ගොස් ව්‍යාජ මතවාද ව්‍යාජ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් ගරිල්ලාවරුන්ට ලැබෙන මහජන සහාය බිඳලීම ය.

බඩ යන රසායනිකයක් යෙදූ කිරි පැකට් නාමල්ගේ පිරිස් වෙත බෙදුවේ ඒ් අනුව ය. ඔවුන් ඒ් සඳහා කණ්ඩායම් දෙකක් යොදා ගත්හ. කිරිපැකට් වලට විෂ රසායන යෙදීම හමුදාවේ ගෝඨාගේ පිරිස සිදුකළ අතර ඒ්වා ජන බලයට ගෙන්වන අසරණයන් අතර බෙදීමට ශ්‍රීලනිපයේම ගෝඨාට සහාය දක්වන දේශපාලන පිරිස් යොදා ගත්හ. බෙදන උන් තමන් බෙදන්නේ විෂ යෙදූ කිරි පැකට් බව නොදැන බෙදූහ. තමන්ට කිරි බෙදන්නේ තමන්ම හොඳින් දන්නා රාජපක්ෂවාදී පිරිස් නිසා කිසිවෙක් කිරි පැකට් ගැන සැක කෙළේ ද නැත. අවසානයේ සිදුවූයේ සිය ගණන්  රෝහල් ගත කිරීමට සිදුවීමත් දස දහස් ගණන් කොළඹ සිසාරා මළ පහ කිරීමත් ය. ගෝඨාගේ හමුදා පිරිස තමන් කිරි පැකට් 15000 කට බඩ යන විෂ යෙදූ බවගෝඨාට වාර්තා කළහ. ගෝඨා වැඩි වේලාවක් ජන බලයේ නොසිට රැස්වීමට හෝ සහභාගී නොවී කෙලින්ම ගෙදර ගියේ මේ නිසා ය.                                                           

ස්ථානය නොකීවේ ඇයි ?

ජනබලය උද්ඝෝෂණයේ සංවිධායක කටයුතු මහින්ද මුලින්ම භාර කළේ මහින්දානන්දට හා රෝහිත අබේගුණවර්ධනටය. මහින්දානන්ද යනු ගෝටා පිලේ ප්‍රබලයෙක්සේම, රෝහිත බැසිල්ගේ ප්‍රධාන සංවිධායකයෙකි. එමනිසා ඔවුන් මුල සිටම නාමල්ගේ නායකත්වය අපකීර්තියට පත්වන සේ සැලසුම් සහගතව කටයුතු අඩාල කළේය. මේවා පිලිබඳ හොඳ ඉවක් තිබෙන මහින්ද ලැබුණු ඔත්තුසේවා තොරතුරුද සැලකිල්ලට ගනිමින් උද්ඝෝෂණයේ සංවිධායක කටයුතු වහාම නාමල්ට හා ඩලස්ට පැවරීය. ඩලස් දැඩි ගෝටාවාදියෙක් වුවද මෙපමන පිරිසක් හෝ කොළඹට ගෙන්වාගත හැකි වුවේ ඔවුන් දෙදෙනාගේ මැදිහත්වීම නිසාම පමණි.

දැඩි ගෝටාවාදීන් වන විමල් තමාගේ වෙබ් එක හරහා ප්‍රචාරණය ලබාදුන්නා මිස පිරිස් ගෙන ඒම වෙනුවෙන් බරක් නොදැමුවා සේම ගම්මන්පිලද මයික් ඉදිරියේ කයිවාරු ගසමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වූවා හැරෙන්න කිසිදු වගකීමක් භාරගත්තේ නැත. විමල් උද්ඝෝෂණයට සහභාගි වූවේද ගෝටා සමගිනි.

මේ අතර මේ උද්‌ඝෝෂනය නොකරන්නැයි වාසු, දිනේෂ්, සුසිල් පමණක් නොව ඩිලාන්ද මහින්දට අවවාද කළ නමුත් මහින්ද ඒ අවවාද පිළිගත්තේ නැත.

මෙලෙස ඒකාබද්දය තුලින්ම කඩාකප්පල් කිරීම් දිගින් දිගටම සිදුවෙන බැවින් කොපමණ පිරිසක් කොළඹට පැමිණේවිදැයි තිබූ අවිනිශ්චිතභාවය නිසා අවසාන මොහොත දක්වා රැස්වීම පැවැත්වෙන ස්ථානය ප්‍රකාශයට පත්නොකර සිටීමට මහින්ද හා නාමල්  තීරණය කළහ. පිය පුතුගේ සැකය උපක්‍රමයක් ලෙසින් ප්‍රචාරය කර අවසානයේදී  ජාම බේරාගැනීම සඳහා ලේක්හවුස් වට රවුමට ගාල්විය.

රාත්‍රී මිනිසුන් නවතා ගැනීමේ වගකීම හා එසේ නැවතී සිටින්නන් ගේ කෑම බීම හා අනෙකුත් පහසුකම් භාරව සිටියේ බැසිල්වාදියෙක් වන ප්‍රසන්න රණතුංගය. මහින්දගේ හා සිරිසේන ජනාධිපතිවරයා ගේ එකඟතාවය මත පමණක් නාමල් ඔසවා තැබීමට ගත් තීරණය ඔහු ගේ දෝෂදර්ශනයට ලක්ව තිබු නිසා ඔහු කළේ බාරගත් රාජකාරි පැහැර හැරීමය. මේනිසා දුර බැහැරින් පැමිණි අසරණයන් කොළඹ නගරය තුළ නන්නත්තාර විය.

තරු පහේ නිරීක්ෂණය සහ මහින්ද තනිවීම

"ටාජ් සමුද්‍ර" හෝටලයේ නැවතී සිටි මහින්ද සිය ඔත්තු සේවා හරහා මේ සියල්ල නිරීක්ෂණය කරමින් සිට සවස 4.00 ට පමණ උද්ඝෝෂණයට සහභාගි වූයේ පුපුරා හැලෙන කෝපයෙනි. මඳ දුරක් පයින් ඇවිදගෙන යද්දී ලැබුණු වෛද්‍ය උපදෙස් මත වාහනයට නැඟී, ලේක්හවුස් වටරවුමේ උද්ඝෝෂණය අසල ගත කළ පැයක පමණ කාලයේදී ඒකාබද්දේ නායක කාරකාදීන්ට හොඳහැටි දෙහි කැපූ මහින්ද නැවත  "ටාජ් සමුද්‍ර" හෝටලය බලාපිටත් විය. හෝටලයට ගිය මහින්දගෙන් අම්මා මෝ නැතිව පළමුවෙන්ම අසා ගත්තේ ආරක්ෂක උපදෙස් නොතකා මහින්දගේ වාහනයේ එල්ලී ගිය පෞද්ගලික ලේකම් උදිත ලොකු බණ්ඩාරය.

ඒ අතරේ මැඩම් ගෙන් කෝල් එකක් කියා සේවකයා දුන් මොබයිලය අතට ගත් මහින්ද ආරම්භ කලේ "පට්ට ..." යන වාක්‍යයෙනි. "මම තොපිට කිව්වා පට්ට හු... පොඩ්ඩක් ඉවසන්න බැරිවුනා. දැන් ඉතින් ඔක්කොම කෙළවුනා. මම ඔක්කොම වේසිගේ පුතාලට කෙළවලා තමයි පස්ස බලන්නේ" යි කියමින් මඳ වෙලාවක් කුණු හරුප වැලක් කියූ මහින්ද මොබයිල් ෆෝනය සැටියට විසිකොට අසල තිබූ දොස්තරවරුන් තහනම් කර ඇති බෝතලයෙන් වත්කරගත් මත්පැන් වීදුරුව එක්වරම කටට හලා ගත්තේය. සේවකයෝ භයින් භීතව අහුමුලුවලට වී සිටිමින් වහාම මේ තත්වය නාමල්ට දැනුම් දුන්නේය.

මේ ලෙස මතු වී තිබු අරාජිකත්වය නිසා උද්ඝෝෂණයට පැමිණි පිරිස් රාත්‍රී හත අට වෙද්දී නිවෙස් බලා කොළඹින් පිටත් වෙමින් සිටියෝය. උද්ගතවී ඇති තත්වයේ භයානක කම පිලිබඳව සාකච්චා කළ ඩලස් හා නාමල් මහින්ද කැඳවා කතාවක් පවත්වා උද්ඝෝෂණය අවසන් කිරීමට තීන්දු කළේය. ඒ අනුව ගිය මහින්දානන්ද සහ ඩලස් වියරුවෙන් සිටි මහින්දට කරුණු කරනා පැහැදිලි කර දී, නාමල්ද දුරකතනයෙන් සම්බන්ධකර ගනිමින් ලේක්හවුස් වට රවුමට ඔහුව ගෙන ඒමට එකඟකර ගත්තේය. රාත්‍රී 8.30 ට පමන පැමිණි මහින්ද අගමුල මාරුකරගනිමින් ඉතා කෙටි කතාවක් කරද්දී, මූණත් තහඩුව දමා ගැනීමට වෙනදා පොරකන ඒකාබද්දේ නායකයෝ කිසිවෙක් අහලටවත් නො ආවේ තැන නොතැන නොබලා මහින්දගෙන් ලැබෙන සබ්බුව ගැන හොඳින්ම දන්නා නිසාය. මහින්දානන්ද අසලම සිටි අතර විමල්ද සිටියේ මඳක් පිටු පසිනි.

අරක්කු කසිප්පු කලවම් වීම

මහින්ද පිට වී ගියපසු එන්න එන්නම පිරිස් බලය අඩුවන බව දුටු නාමල් සහ ඩලස්  පසුදා වන තෙක් සිටියහොත් සායම සේදී යන බැවින් මධ්‍යම රාත්‍රිය ලංවෙද්දි උද්ඝෝෂණය නවතා දැමීමට තීරණය කළෝය. ඒවනවිට සිටියේ දෙදහසකටත් අඩු පිරිසකි.

එක පුද්ගලයෙක් සඳහා රුපියල් පන්දහසක වියදමක් සංවිධායකයන් අතට ලැබුනද කසිප්පු බොන්නට දී තිබුණු බව ඔප්පු වුනේ තැන තැන දමා තිබූ හිස් වතුර බෝතල් ඉවකර බැලීමෙනි. මහ මග වැටී සිටි බොහෝ දෙනෙකුගේ අසල තිබු වතුර බෝතල්වලින්ද වහනය වූවේ කසිප්පු ගඳමය. මෙසේ කසිප්පු පොවා කොළඹට පැමිණි පිරිස් කණ්ඩායම් ලෙස එකතු වී සම්මාදම්කර අරක්කුද පානය කිරීමෙන් පසු ලයිට් කණු දිගේ නැඟීම පුදුම උපදවන්නක් නොවන බව නම් අප හොඳින් දන්නේ ඒවා මෙයට පෙර අත්දුටු නිසාය.

බොහෝ දිස්ත්‍රික්ක සඳහා කසිප්පු ඕඩරය භාර ගෙන තිබුනේ මීගමුවේ ලංසා මන්ත්‍රිවරයාය. සංවිධායකයන් මුදල් යටිමඩි ගසා තමන්ට නොසැලකුව බව උද්ඝෝෂණ භුමිය අත්හැර යන බහුතරයක් දෙනා නැඟූ පොදු චෝදනාව විය.

මෙනිසා කොළඹ අල්ලන බවට මාස ගණනක් තිස්සේ පුරාජේරු, කයිවාරු ගසා 5 දා ඇවිත් කොළඹ වැටවල් අල්ලමින්, බඩ ගාමින්, බිම පෙරෙලෙමින් පාරවල් පුරා මළ පහ කරමින් යන හැටි නම් කාහටත් දැක ගන්නට හැකිවිය. හර්තාලයක් කිරීමට ‌කොළඹ පැමිණ ‌ලේ හලාගෙන හිරේ විලංගුවේ වැටෙනවා ‌වෙනුවට මහ පාරේ මළ පහ කරමින් ‌ගෙදර ගිය ඒකම හර්තාලය ‌ලෙස ‌මෙය ‌ලෝක ප්‍රසිද්ධ වනවා සිකුරුය. මේ අසරණ, දුප්පත්, නුගත් මිනිසුන් අන්දවා මෙලෙස කොළඹට ගෙනැවිත් අතරමං කිරීම, අපහාසයට ලක්කිරීම පිලිබඳව ඒකාබද්දේ හැම නායකයාම ලජ්ජා වියයුතුය. වගකිව යුතුය.

උද්ඝෝෂණය  විසුරුවා හැරීමෙන් අනතුරුව නාමල් , යෝෂිත සියල්ලන්ගෙන් වෙන් වී ටැක්සි අබේ සමඟ "හිල්ටන්" හෝටලයේ රාත්‍රිය ගතකළ අතර, ඒකාබද්දේ අනෙක් නායකයෝ තිදෙනෙක් "ටාජ් සමුද්‍රා" වේද, 15 දෙනෙක්  "ෂන්ග්‍රිලා" හෝටලයේද රාත්‍රිය ගත කළෝය.

යහපාලන ආතල්

මහින්දලාගේ "ජනබලය කොළඹට" ආන්ඩු විරෝධී උද්ඝෝෂනය මෙසේ අසාර්ථක වීම ඔවුන් ගේ තිබු බල අරගලය නිසාම සිදු වූවකි. "අපට ඕන ආණ්ඩුවක් , මහින්දගේ ආණ්ඩුවක්" යනුවෙන් විනා මෙහි මුඛ්‍ය සටන් පාඨ මොනවාදැයි කිසිදු තැනකදී හරි හැටි දැක ගැනීමට හෝ  තිබුනේ නැත. එත් එසේ තිබුනා යැයි ප්‍රචාරය කළේ ගෝටා පාර්ශවයේ දිලිත් ජයවීරගේ  "දෙරණ"  හා තැන නොතැන නොබලා හැමවිටම රෙනෝ, සිල්වාගේ "හිරු" නාලිකාවත් පමණි.

රජය මේ විකාරය දෙස බලා කළ යුත්තේ මහින්දලාට උසුළු විසුළු කිරීම හෝ ආතල් ගැනීම නොව නව ව්‍යවස්ථාව, විධායකය අහෝසි කිරීම, අපරාධකරුවන්ට දඬුවම් කිරීම, ජනතාවට සහන සැලසීම ආදී 2015 දී පොරොන්දු වූ සියල්ල වහ වහා ඉටු කිරීමය. එතුලින් යහපාලනය පිලිබඳ දිනාගත් මහජන විශ්වාසය තහවුරු කරගැනීමය.

සුනාමියේ පළමු රළ පහර ඇවිත් ගිය පසු බොහෝදෙනා කළේ ජලය හිස් වූ මුහුදට දුවගොස් වැලි තලාවේ නටමින් අතරමං වූ මාළු අල්ලමින්, සෙල්ලම් ගෙවල් හදමින් විනෝද වීමය. නොසිතු ලෙස නැවත පැමිණි භයානක දෙවන රළ පහර සමඟින් විනෝදය විඳිමින් සිටි බොහෝ දෙනා සැඟවුනේ මුහුදු පතුළේය. රළ පහර ආපසු ගියත් මුහුද නැවතත් ගොඩට ඇදෙන බව යහපාලනප්‍රේමීන් සිත්හි තබා ගැනීම නම් සෞඛ්‍යයට හිතකරය. දියවැල් නැමති දේශපාලන කුමන්ත්‍රණ මහ සයුරෙහි තිබෙනවාටත් වඩා සිරිසේන  - රනිල් ආණ්ඩුව තුළ තිබෙන බවද  අමතක නොකළ යුතුය.

-දුනුසිංහ-

Dont Fail to LIKE our Facebook page Known Unknown
Dont Fail to LIKE our YouTube Channel Known Unknown

Dont Fail to SHARE this post as it can be useful to some one 

No comments:

Post a Comment